HND Study Hub

Exclusive HND Portal

Smart E-Library

Sri Lanka's fastest way to find Past Papers, Notes, and Syllabuses.

Notice
May 20, 2026

SLIATE 2nd Year Exam එකෙන් පස්සේ Internship (Training) එකට යන්නේ කොහොමද? (A to Z Guide)

???? SLIATE 2nd Year Exam එකෙන් පස්සේ Internship (Training) එකට යන්නේ කොහොමද? (A to Z Guide)දැන් 2nd Year, 2nd Semester එකේ ඉගෙන ගන්න ගමන් ඉන්න ඔයාලගේ ඊළඟ ලොකුම අභියෝගය තමයි Final Exam එක ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු මාස 6 ක Internship එහෙමත් නැත්නම් Industrial Training එක.ඔයා කරන්නේ HNDIT, HNDA, HNDM, HNDBA හෝ වෙනත් ඕනෑම Course එකක් වුණත්, Internship එකක් හොයාගන්න එක වගේම, Institute එක (ATI) එක්ක කරන්න තියෙන රාජකාරි ටික හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මේ තියෙන්නේ Exam ඉවර වුණ දවසේ ඉඳන් Training එක ඉවර වෙනකම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේවල් පියවරෙන් පියවර.1. සුපිරි CV එකක් හදාගන්න (Build a Professional CV)Interview එකකට යන්න කලින් Company එකක් දකින ඔයාගේ මුහුණුවර තමයි CV එක. ඒ නිසා මේකට ලොකු අවධානයක් දෙන්න. ඔයා Academic projects විදිහට කරපු දේවල්, අදාළ Field එකට අදාළව තියෙන Skills අනිවාර්යයෙන්ම CV එකට දාන්න.???? විශේෂ නිවේදනයක්: ඔයාට අදාළ Field එකට ගැලපෙන, Interview එකකට Select වෙන්න පුළුවන් මට්ටමේ Professional & ATS-Friendly CV එකක් හදාගන්න අවශ්‍ය නම්, දැන් අපේ WhiteCoder Store හරහා ඒ පහසුකම ලබාගන්න පුළුවන්.2. Internship එකක් හොයාගන්න පටන් ගන්නExam එක ළං වෙද්දිම හරි, Exam ඉවර වුණ ගමන්ම හරි Jobs හොයන්න පටන් ගන්න.LinkedIn, Topjobs.lk වගේ වෙබ් අඩවි වල දිනපතාම අලුත් Internships පළවෙනවා.HNDA නම්: Audit firms, Accounting & Finance අංශ.HNDIT නම්: Software companies, IT support අංශ.HNDM/BA නම්: Marketing, HR, Business Management අංශ. මේ විදිහට ඔයාගේ Field එකට අදාළව Apply කරන්න.3. ATI එකෙන් 'Request Letter' එක ලබාගැනීමඔයා Interview එකක් Pass වෙලා Company එකකින් ඔයාව Select කරගත්තට පස්සේ, ඔයා අදාළ Company එකට පෙන්නන්න ඕනේ ඔයා SLIATE එකේ ශිෂ්‍යයෙක් සහ මේ Internship එක ඔයාගේ අනිවාර්යය අංගයක් කියලා.මේ සඳහා අදාළ ATI එකේ Coordinator ගෙන් හෝ කාර්යාලයෙන් Internship Request Letter එකක් (Recommendation Letter) ඉල්ලගන්න ඕනේ.මේ ලියුම අරගෙන ඔයා තේරුණු Company එකේ HR අංශයට භාර දෙන්න.4. Company එකෙන් 'Acceptance Letter' එකක් ගෙනත් ATI එකට දීමඔයා Company එකට ATI එකේ ලියුම දුන්නට පස්සේ, Company එකෙන් ඔයාට දෙනවා Offer Letter එකක් එහෙමත් නැත්නම් Acceptance Letter එකක් (ඔයාව මේ කාල සීමාවට Internship එකට බඳවා ගත්තා කියලා).ඔයා අනිවාර්යයෙන්ම මේ Company එකෙන් දෙන ලියුමේ කොපියක් ඔයාගේ ATI එකේ Coordinator ට ගිහින් භාර දෙන්න ඕනේ.එතකොට තමයි Institute එකේ Register වෙන්නේ ඔයා අහවල් Company එකේ Training වෙනවා කියලා.5. Training කාලය සහ 'Logbook' එක (Daily Diary)Internship එක පටන් ගත්තට පස්සේ ඔයාට ATI එකෙන් Training Logbook එකක් (හෝ Record Book එකක්) දෙනවා.මාස 6 පුරාවටම ඔයා Company එකේ කරපු වැඩ මොනවද කියලා මේ පොතේ දිනපතා හෝ සතිපතා සටහන් කරන්න ඕනේ.මාසෙ අන්තිමට ඔයාගේ Company එකේ Supervisor (Manager) ලවා මේ පොතේ අත්සන් කරගන්න එක අනිවාර්යයි. (මේක අවසාන විභාගය වගේම වැදගත්!).6. Internship එක අවසන් වීම සහ Certificate එකමාස 6 ක පුහුණුව සාර්ථකව ඉවර කළාට පස්සේ, Company එකෙන් ඔයාට Service Letter එකක් (Completion Certificate) දෙනවා ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව නිම කළා කියලා.7. අවසාන Viva එක (Final Presentation)මේක තමයි ඔයාගේ HND ගමනේ අවසානම පියවර. Internship එක ඉවර වුණාට පස්සේ ATI එකෙන් දිනයක් දෙනවා Viva එකට.එදාට ඔයා සම්පූර්ණ කරපු Logbook එක, Company එකෙන් දුන්න Service Letter එක අරගෙන යන්න ඕනේ.ඒ වගේම ඔයා මේ මාස 6 ඇතුළත ඉගෙන ගත්ත දේවල්, කරපු Projects ගැන පොඩි Presentation එකක් කරන්නත් ලෑස්ති වෙලා යන්න.මේ පියවර ටික හරියටම කළොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ Internship එක ගොඩදාගෙන HND Certificate එක අතට ගන්න පුළුවන්. හැමෝටම Good Luck! ✨???????? තවත් මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න!ඉදිරියටත් HND Study Hub එක හරහා මේ වගේ ගොඩක් වටිනා තොරතුරු, Notes, Exam Hints සහ Internship ගැන අලුත්ම Updates ඔයාලට අරගෙන එන්න අපි සූදානම්.අපේ Community එකත් එක්ක තාමත් එකතු වුණේ නැත්නම්, පහළ තියෙන Links වලින් දැන්ම අපිත් එක්ක Join වෙන්න:???? WhatsApp Channel: Join Now???? Facebook Page: Follow???? Facebook Group: Join Nowඅලුත්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳී ඉන්න. ඔයාගේ බැච් එකේ යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම මේ Post එක Share කරන්න! ✨

Notice
Mar 15, 2026

HNDIT Final Project එකට Ideas නැද්ද? මෙන්න ලේසියෙන්ම තෝරගන්න පුළුවන් Projects සහ Real-World Examples!

HNDIT 2nd Year එකේ ඉන්න ගොඩක් ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "Final Project එකට මොකක්ද කරන්නේ?" කියන එක. මුලින්ම Idea එකක් නැතිව හිරවෙන එක ගොඩක් අයට වෙන දෙයක්.ඔයාලට අදහසක් ගන්න ලේසි වෙන්න, අපි එදිනෙදා පාවිච්චි කරන ලංකාවේ ප්‍රසිද්ධ Websites උදාහරණ විදිහට අරන්, HND මට්ටමට ගැලපෙන සුපිරි Project Ideas ටිකක් මේ පෝස්ට් එකේ දාලා තියෙනවා. මේ ලින්ක්ස් වලට ගිහින් බලලා, ඒකෙ තියෙන ප්‍රධාන කොටස් (Core features) අරගෙන ඔයාගේ Project එක ලස්සනට Design කරගන්න පුළුවන්.1. Doctor Channeling & Clinic Management System ????රෝගීන්ට ගෙදර ඉඳන්ම Doctor කෙනෙක්ව බුක් කරන්න, Doctors ලට එයාලගේ appointments බලාගන්න සහ Clinic එකේ වැඩ ලේසි කරන system එකක්.උදාහරණ (Reference): www.doc990.lk හෝ www.echannelling.comProject එකට දාන්න පුළුවන් Features: Patient Registration, Doctor Scheduling, Appointment Booking, Prescription Management.2. E-Commerce & POS (Point of Sale) System ????කඩේකට (Supermarket, Pharmacy, Hardware) බඩු online විකුණන්න වගේම, කඩේ ඇතුලේ තියෙන stock එකයි, බිල් ගහන එකයි control කරන system එකක්.උදාහරණ (Reference): www.kapruka.com හෝ www.keellssuper.comProject එකට දාන්න පුළුවන් Features: Product Catalog, Shopping Cart, Inventory Management, Billing/Invoice generation, Low Stock Alerts.3. Online Classifieds & Ad Posting Platform ????මිනිස්සුන්ට එකතු වෙලා තමන්ගේ වාහන, ඉඩම්, ෆෝන් වගේ දේවල් විකුණගන්න Ads දාන්න පුළුවන් වෙබ්සයිට් එකක්.උදාහරණ (Reference): www.ikman.lk හෝ www.riyasewana.comProject එකට දාන්න පුළුවන් Features: User Authentication, Ad Posting with Images, Category Search & Filter, Admin Panel to approve Ads.4. Service Provider Booking System ????️ගෙවල් වල වැඩට ඕන කරන බාස්ලා, Plumbers, Electricians ලව හොයාගන්න සහ එයාලව බුක් කරන්න පුළුවන් Platform එකක්.උදාහරණ (Reference): www.quickhelp.lkProject එකට දාන්න පුළුවන් Features: Service Provider Profiles, Customer Booking, Rating & Reviews.5. Tuition Class Management & E-Learning System????ටියුෂන් ක්ලාස් එකක ළමයින්ගේ Attendance, සල්ලි ගෙවන විස්තර (Payments), සහ ළමයින්ට Notes/Tutes ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පද්ධතියක්.උදාහරණ (Reference): www.gurugedara.lk වගේ අධ්‍යාපනික සයිට්ස්.Project එකට දාන්න පුළුවන් Features: Student/Teacher Portals, Fee Management, Attendance Tracking, Material Upload/Download.6. Vehicle Rental Management System ????Rent a car ආයතනයකට එයාලගේ වාහන rent එකට දෙන එක manage කරන්න පුළුවන් system එකක්.උදාහරණ (Reference): www.malkey.lkProject එකට දාන්න පුළුවන් Features: Vehicle Availability Tracking, Customer Booking, Damage/Return Management, Penalty Calculation.???? Project එකට අත ගහන්න කලින් මතක තියාගන්න:ඔයාලා මේ ලොකු සයිට්ස් ඒ විදිහටම අතිවිශාලව හදන්න ඕනේ නෑ. මේවා බලලා Idea එක අරගෙන, HND එකෙන් ඉල්ලන මට්ටමට ගැලපෙන විදිහට ප්‍රධාන Features ටික විතරක් (Core system එක) ලස්සනට වැඩ කරන විදිහට හදාගන්න. ඔයාට පහසු Language එකක් (PHP, Java, C#, Node.js) මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.තාමත් ගැටළුවක් තියෙනවද? අපි උදව් කරන්නම්! ???? මේකෙන් කැමති පැත්තක් තෝරගෙන, වැඩේ පටන් ගන්න කලින් අපිට මැසේජ් එකක් දාන්න. අපි Title එකයි, System එකට එන්න ඕනේ Features ටිකයි හදාගන්න උදව් කරන්නම්.???? අපේ WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/DA7IwhrKsmi7WKtYOkZPWZහැමෝටම ජය වේවා! ✨  - HND Study Hub Team -

Select Course
Loading library...

Material Found!

File will be ready in 5s...

Support Assistant

Online | HND Study & WhiteCoder

📢 Special Offer: Professional CV Making at WhiteCoder! Get 20% off today. | HND IT Past Papers just uploaded!
Hello! 👋 Welcome to HND Study Hub. මට ඔයාට HND Notes, Past Papers හොයලා දෙන්න වගේම, WhiteCoder හරහා Professional CV එකක් හදාගන්න විදිහ ගැනත් උදව් කරන්න පුළුවන්. ඔයාට දැනගන්න ඕන මොනවා ගැනද?