HND Study Hub.

Exclusive HND Portal

Smart E-Library

Sri Lanka's fastest way to find Past Papers, Notes, and Syllabuses.

Notice
Jul 13, 2026

IT Job එකකට GPA එක ඇත්තටම කොච්චර වැදගත්ද?

IT Job එකකට GPA එක ඇත්තටම කොච්චර වැදගත්ද?IT කරන ගොඩක් studentsලා අතර නිතරම මතුවෙන ප්‍රශ්නයක් තමයි "Job එකක් ගන්න GPA එක කොච්චර බලපානවද?" කියන එක.ඇත්ත කතාව නම් GPA එක වැදගත්, හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නැහැ.සමහර ප්‍රධාන IT Companies, විශේෂයෙන් Internship recruitment වලදී, University partnerships හරහා studentsලා select කරන අවස්ථාවල GPA එක ප්‍රධාන සාධකයක් විදිහට සලකනවා. ඒ නිසා හොඳ GPA එකක් තියෙන එක ඔයාට අමතර advantage එකක්.නමුත් Industry එකේ බොහෝ companies interview එකකදී බලන්නේ transcript එකට වඩා ඔයාට ඇත්තටම වැඩ කරන්න පුළුවන්ද? කියන එක.ඔවුන් සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ,✅ Programming Skills✅ Problem Solving Ability✅ Real-world Projects✅ GitHub Portfolio✅ Tech Stack පිළිබඳ දැනුම✅ Communication & Teamwork Skillsඋස GPA එකක් තිබුණත් practical skills නැත්නම් technical interview එකක් සාර්ථකව සමත් වෙන්න අමාරු වෙන්න පුළුවන්.ඒ වගේම GPA එක සාමාන්‍ය මට්ටමක තිබුණත්, හොඳ portfolio එකක්, GitHub repositories, projects කිහිපයක් සහ interview performance එක හොඳ නම්, හොඳ IT Company එකක අවස්ථාවක් ලබාගන්න පුළුවන්.Internship එකෙන් පස්සේ මොකද වෙන්නේ?Industry experience එක ලැබෙන්න පටන් ගත්තට පස්සේ, බොහෝ companies වැඩිපුරම අවධානය දෙන්නේ,• ඔයා වැඩ කරපු Projects• භාවිතා කරපු Technologies• ලබාගත් Experience• Team එකක් එක්ක වැඩ කරන හැකියාව• Problem solving සහ Professional mindsetකියන කරුණු වලටයි.මතක තියාගන්න...📌 GPA එක හොඳ නම් ඒක හොඳ advantage එකක්.📌 GPA එක අඩුයි කියලා career එක ගැන බය වෙන්න එපා.📌 Campus එකේ ඉන්න කාලේ පුළුවන් තරම් GPA එකත් හදාගන්න. ඒත් ඒ සමඟම Real Projects, GitHub, Open Source Contributions, Certifications සහ Industry Skills වලටත් සමාන අවධානයක් දෙන්න.අද IT Industry එකේ දොරටුව ඇරෙන්න GPA එක උදව් වෙන්න පුළුවන්. හැබැයි ඒ දොරෙන් ඇතුළට ගිහින් දිගු ගමනක් යන්න නම් Skills, Experience සහ Continuous Learning තමයි සැබෑ ශක්තිය.— WhiteCoder#WhiteCoder #SriLankaIT #SoftwareEngineering #Programming #CareerDevelopment #Internship #GitHub #FullStackDeveloper #Students #ITIndustry

Notice
Jul 10, 2026

HNDIT 1st Year 2nd Semester Complete Short Notes – All Subjects

HNDIT 1st Year 2nd Semester විභාගයට සූදානම් වන සිසුන් සඳහා සම්පූර්ණ lecture notes ආවරණය වන ආකාරයට සකස් කළ subject short notes පහතින් ලබාගත හැකිය. මෙහි “Short Notes” ලෙස සඳහන් වුවත්, එක් එක් subject එකේ සම්පූර්ණ lecture note එකේ තිබෙන සියලුම වැදගත් කරුණු ඇතුළත් කර ඇති නිසා pages ප්‍රමාණය වැඩි විය හැකිය. සියලුම definitions, explanations, comparisons, examples සහ exam එකට අවශ්‍ය ප්‍රධාන කරුණු English භාෂාවෙන් සකස් කර ඇත. තේරුම් ගැනීමට අපහසු කරුණු සඳහා පමණක් කෙටි Sinhala අදහස් සහ පැහැදිලි කිරීම් ඇතුළත් කර තිබේ. Short note එකේ අවසානයේ ඇතුළත් කර ඇති revision questions සහ practice questions ද අනිවාර්යයෙන්ම පුහුණු වන්න. 1. Principles of User Interface Design – HNDIT2052 2. Fundamentals of Computer Programming – HNDIT2012 3. Software Development – HNDIT2022 4. System Analysis and Design – HNDIT2032 5. Data Communication and Computer Networks – HNDIT2042 මෙම notes එක්වරක් කියවා නතර නොවී, topic එකින් topic එක revise කරමින් අවසානයේ ඇති questions වලට පිළිතුරු ලිවීමට පුහුණු වන්න. HND Study Hub Study Smart. Prepare Better. Succeed Together.

Notice
May 20, 2026

SLIATE 2nd Year Exam එකෙන් පස්සේ Internship (Training) එකට යන්නේ කොහොමද? (A to Z Guide)

???? SLIATE 2nd Year Exam එකෙන් පස්සේ Internship (Training) එකට යන්නේ කොහොමද? (A to Z Guide)දැන් 2nd Year, 2nd Semester එකේ ඉගෙන ගන්න ගමන් ඉන්න ඔයාලගේ ඊළඟ ලොකුම අභියෝගය තමයි Final Exam එක ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කළ යුතු මාස 6 ක Internship එහෙමත් නැත්නම් Industrial Training එක.ඔයා කරන්නේ HNDIT, HNDA, HNDM, HNDBA හෝ වෙනත් ඕනෑම Course එකක් වුණත්, Internship එකක් හොයාගන්න එක වගේම, Institute එක (ATI) එක්ක කරන්න තියෙන රාජකාරි ටික හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මේ තියෙන්නේ Exam ඉවර වුණ දවසේ ඉඳන් Training එක ඉවර වෙනකම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේවල් පියවරෙන් පියවර.1. සුපිරි CV එකක් හදාගන්න (Build a Professional CV)Interview එකකට යන්න කලින් Company එකක් දකින ඔයාගේ මුහුණුවර තමයි CV එක. ඒ නිසා මේකට ලොකු අවධානයක් දෙන්න. ඔයා Academic projects විදිහට කරපු දේවල්, අදාළ Field එකට අදාළව තියෙන Skills අනිවාර්යයෙන්ම CV එකට දාන්න.???? විශේෂ නිවේදනයක්: ඔයාට අදාළ Field එකට ගැලපෙන, Interview එකකට Select වෙන්න පුළුවන් මට්ටමේ Professional & ATS-Friendly CV එකක් හදාගන්න අවශ්‍ය නම්, දැන් අපේ WhiteCoder Store හරහා ඒ පහසුකම ලබාගන්න පුළුවන්.2. Internship එකක් හොයාගන්න පටන් ගන්නExam එක ළං වෙද්දිම හරි, Exam ඉවර වුණ ගමන්ම හරි Jobs හොයන්න පටන් ගන්න.LinkedIn, Topjobs.lk වගේ වෙබ් අඩවි වල දිනපතාම අලුත් Internships පළවෙනවා.HNDA නම්: Audit firms, Accounting & Finance අංශ.HNDIT නම්: Software companies, IT support අංශ.HNDM/BA නම්: Marketing, HR, Business Management අංශ. මේ විදිහට ඔයාගේ Field එකට අදාළව Apply කරන්න.3. ATI එකෙන් 'Request Letter' එක ලබාගැනීමඔයා Interview එකක් Pass වෙලා Company එකකින් ඔයාව Select කරගත්තට පස්සේ, ඔයා අදාළ Company එකට පෙන්නන්න ඕනේ ඔයා SLIATE එකේ ශිෂ්‍යයෙක් සහ මේ Internship එක ඔයාගේ අනිවාර්යය අංගයක් කියලා.මේ සඳහා අදාළ ATI එකේ Coordinator ගෙන් හෝ කාර්යාලයෙන් Internship Request Letter එකක් (Recommendation Letter) ඉල්ලගන්න ඕනේ.මේ ලියුම අරගෙන ඔයා තේරුණු Company එකේ HR අංශයට භාර දෙන්න.4. Company එකෙන් 'Acceptance Letter' එකක් ගෙනත් ATI එකට දීමඔයා Company එකට ATI එකේ ලියුම දුන්නට පස්සේ, Company එකෙන් ඔයාට දෙනවා Offer Letter එකක් එහෙමත් නැත්නම් Acceptance Letter එකක් (ඔයාව මේ කාල සීමාවට Internship එකට බඳවා ගත්තා කියලා).ඔයා අනිවාර්යයෙන්ම මේ Company එකෙන් දෙන ලියුමේ කොපියක් ඔයාගේ ATI එකේ Coordinator ට ගිහින් භාර දෙන්න ඕනේ.එතකොට තමයි Institute එකේ Register වෙන්නේ ඔයා අහවල් Company එකේ Training වෙනවා කියලා.5. Training කාලය සහ 'Logbook' එක (Daily Diary)Internship එක පටන් ගත්තට පස්සේ ඔයාට ATI එකෙන් Training Logbook එකක් (හෝ Record Book එකක්) දෙනවා.මාස 6 පුරාවටම ඔයා Company එකේ කරපු වැඩ මොනවද කියලා මේ පොතේ දිනපතා හෝ සතිපතා සටහන් කරන්න ඕනේ.මාසෙ අන්තිමට ඔයාගේ Company එකේ Supervisor (Manager) ලවා මේ පොතේ අත්සන් කරගන්න එක අනිවාර්යයි. (මේක අවසාන විභාගය වගේම වැදගත්!).6. Internship එක අවසන් වීම සහ Certificate එකමාස 6 ක පුහුණුව සාර්ථකව ඉවර කළාට පස්සේ, Company එකෙන් ඔයාට Service Letter එකක් (Completion Certificate) දෙනවා ඔයාගේ වැඩ කටයුතු සාර්ථකව නිම කළා කියලා.7. අවසාන Viva එක (Final Presentation)මේක තමයි ඔයාගේ HND ගමනේ අවසානම පියවර. Internship එක ඉවර වුණාට පස්සේ ATI එකෙන් දිනයක් දෙනවා Viva එකට.එදාට ඔයා සම්පූර්ණ කරපු Logbook එක, Company එකෙන් දුන්න Service Letter එක අරගෙන යන්න ඕනේ.ඒ වගේම ඔයා මේ මාස 6 ඇතුළත ඉගෙන ගත්ත දේවල්, කරපු Projects ගැන පොඩි Presentation එකක් කරන්නත් ලෑස්ති වෙලා යන්න.මේ පියවර ටික හරියටම කළොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ Internship එක ගොඩදාගෙන HND Certificate එක අතට ගන්න පුළුවන්. හැමෝටම Good Luck! ✨???????? තවත් මේ වගේ වැදගත් දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න!ඉදිරියටත් HND Study Hub එක හරහා මේ වගේ ගොඩක් වටිනා තොරතුරු, Notes, Exam Hints සහ Internship ගැන අලුත්ම Updates ඔයාලට අරගෙන එන්න අපි සූදානම්.අපේ Community එකත් එක්ක තාමත් එකතු වුණේ නැත්නම්, පහළ තියෙන Links වලින් දැන්ම අපිත් එක්ක Join වෙන්න:???? WhatsApp Channel: Join Now???? Facebook Page: Follow???? Facebook Group: Join Nowඅලුත්ම තොරතුරු ඉක්මනින්ම දැනගන්න අනිවාර්යයෙන්ම අපිත් එක්ක රැඳී ඉන්න. ඔයාගේ බැච් එකේ යාලුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම මේ Post එක Share කරන්න! ✨

Select Course
Loading library...

Material Found!

File will be ready in 5s...

Support Assistant

Online | HND Study & WhiteCoder

📢 Special Offer: Professional CV Making at WhiteCoder! Get 20% off today. | HND IT Past Papers just uploaded!
Hello! 👋 Welcome to HND Study Hub. මට ඔයාට HND Notes, Past Papers හොයලා දෙන්න වගේම, WhiteCoder හරහා Professional CV එකක් හදාගන්න විදිහ ගැනත් උදව් කරන්න පුළුවන්. ඔයාට දැනගන්න ඕන මොනවා ගැනද?